ව්‍යාපාරික

  • Home
  • ව්‍යාපාරික
ව්‍යාපාරික
වන්දි ගෙවන්නේ නෑ.. වරද පිලිගන්නේ නෑ..’ කබ්රාල් අධිකරණයේදී..- ඉල්ලා අස්කරගත් ග‍්‍රීක බැදුම්කර නඩුවේ වාර්තාව මෙන්න.

වන්දි ගෙවන්නේ නෑ.. වරද පිලිගන්නේ නෑ..’ කබ්රාල් අධිකරණයේදී..- ඉල්ලා අස්කරගත් ග‍්‍රීක බැදුම්කර නඩුවේ වාර්තාව මෙන්න.

  • author pic
  • By Madu
  • 13 Dec 2025

බස්නාහිර පළාත්බද මහාධිකරණය අංක 06 හිදී මහාධිකරණ විනිසුරු එම්.එම්.එම්. මිහාල් මහතා ඉදිරියේ විභාග වූ HCB 303/24 දරණ නඩු තීන්දුවේ වාර්තාව අනුව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අල්ලස් කොමිසසම විසින් ඉදිරිපත් කරන ලද මාස 3ක් තුළ රු. 1,843,267,595.65/- (අලාභය) වන්දියක් ලෙස මහ බැංකුවේ ගිණුමට ගෙවීම කොන්දේසියට එකඟ වී නැති අතර වරදක් පිළිගැනීමක් නොකරන බවත්, එය සාමුහික තීරණයක් බවත් ප්‍රකාශ කර ඇත. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා, දූෂණ විරෝධී පනතේ 67 වගන්තිය යටතේ සළකා බලන ලෙසට 1 වන චුදිත වන අජිත් නිවාඩ් කබ්රාල් ගේ ජනාධිපති නීතීඥ ඩිලාන් රත්නායක මහතා කළ ලිඛිත ඉල්ලීමක් මත කොමිෂන් සභාවේ සහ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ අවධානයට ලක්වීමෙන් පසු , 1 වන චුදිතට එරෙහි අධිචෝදනා පත්‍රය ඉල්ලා අස් කර ගැනීමට ගරු අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය. දූෂණ විරෝධී පනතේ 63 (2) සහ (3) වගන්ති යටතේ කොමිෂන් සභාව විසින් ගණනය කරන ලද රුපියල් මිලියන එක්දහස් අටසිය හතලිස් තුනක් සහ දෙලක්ෂ හැටහත්දාස් පන්සිය අනුපහයි ශත හැට පහක් (රු.1,843,267,595.65/-) වන මුදල වන්දියක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුම් අංක 65911 දරණ ගිණුමට බැර කිරීම යන කොන්දේසිය මත අධිචෝදනා පත්‍රය ඉල්ලා අස් කර ගැනීමට අවසර පතා ඇත. කොන්දේසිය සපුරා ලීමට අපොහොසත් වුවහොත් 67 (5) වගන්තිය යටතේ නැවත අධිචෝදනා පත්‍ර ගොනු කිරීමට පියවර ගන්නා බව අධිකරණයට දන්වා ඇත. අනෙකුත් විත්තිකරුවන්: 2, 3, 5 යන චුදිතයන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194 (3) වගන්තිය ප්‍රකාරව අධිචෝදනාවන් ඉල්ලා අස් කර ගැනීමට අවසර ඉල්ලා සිටින ලදී. 1 වන විත්තිකරු අල්ලස් කොමිසසම විසින් ඉදිරිපත් කරන ලද වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ඩිලාන් රත්නායක මහතා , කොන්දේසි සහිතව අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට එකඟ විය නොහැකි බව ප්‍රකාශ කළේය. "අපි මේ වරද පිළිගන්නේ නැහැ" සහ "මේ කොන්දේසියට එකඟ වෙන්න බැහැ. අපි ගත්තේ නැති මුදලක්" යනුවෙන් නීතීඥවරයා අවධාරණය කළේය. විත්තිකරු සම්බන්ධයෙන් අපරාධ චෝදනාවක් පවත්වාගෙන යාමට හෝ සාක්ෂි ඉදිරිපත් කිරීමට නොමැති පසුබිමක් පවතින බවට අල්ලස් කොමිසමට දීර්ඝ සැලකිරීමක් ඉදිරිපත් කළ බව සඳහන් කළේය. මෙම ගනුදෙනුව තනිවම ගත් තීන්දුවක් නොව, මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ගනු ලැබූ සාමුහික තීරණයක් බවත් , එය විත්තිකරුගේ දිනපතා රාජකාරියේ කොටසක් බවත් පෙන්වා දුන්නේය. මුදල් මණ්ඩලය ගත් තීරණවලින් බහුතරයක් සාර්ථකව ප්‍රතිලාභ ලැබූ පසු, එක් ගනුදෙනුවක් පමණක් අලාභ වූ විට එම මුදල ආපසු ගෙවීමට 1 වන විත්තිකරුට පමණක් පැවසීම "අසාධාරණයි" යනුවෙන් නීතීඥවරයා කියා සිටියේය. දූෂණ විරෝධී පනතේ 67 වගන්තියේ උප වගන්ති 2, 3 යටතේ කොන්දේසි දැමීම අනිවාර්ය නොවන බවත් , එම කොන්දේසිවලට එකඟ වුවහොත් පමණක් බැඳී සිටින බවත් නීතීඥවරයා අධිකරණයට කියවා සිටියේය. 2, 3, සහ 5 යන විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු පැමිණිල්ල විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194 (3) වගන්තිය යටතේ අධිචෝදනා ඉවත් කර ගැනීමට කරන යෝජනාවට සම්පූර්ණයෙන් එකඟත්වය පළ කළහ. 3 සහ 5 විත්තිකරුවන් මහ බැංකුවේ සේවය කළ රාජ්‍ය නිලධාරීන් බවත්, ඔවුන් රජයේ සේවකයින් ලෙස කටයුතු කළ බවත් පෙන්වා දුන්නේය. ඔවුන්ට විරුද්ධව නඩුවක් පවත්වාගෙන යාමට තරම් නඩු නිමිත්තක් නොමැති බවට මූලික විරෝධතාවයක් ගෙන ආ අතර , මීට අදාළ ගනුදෙනු හා තීන්දු තීරණ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනටමත් තීන්දුවක් ලබා දී ඇති බවද පෙන්වා දුන්නේය

ව්‍යාපාරික
15 Habits that could be hurting your business relationships

15 Habits that could be hurting your business relationships

15-habits-that-could-be-hurting-your-business-relationships

ව්‍යාපාරික
Underestimating the challenge of raising Series A funding

Underestimating the challenge of raising Series A funding

There are many variations of passages of Lorem Ipsum available, but the majority have suffered alteration in some form, by injected humour, or randomised words which don't look even slightly believable. If you are going to use a passage of Lorem Ipsum, you need to be sure there isn't anything embarrassing hidden in the middle of text.

ව්‍යාපාරික
Jane Street Group accused of manipulating Nifty index

Jane Street Group accused of manipulating Nifty index

SEBI identified 18 trading sessions — 15 involving Bank Nifty and three involving Nifty 50 — where the group allegedly engaged in “sharp, large, and aggressive interventions” across the cash and derivatives segments. These actions, SEBI said, distorted market prices and undermined market integrity.