කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 56කට කොවිඩ්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනුරුත්ථාපනය කරන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටි 56 දෙනෙකු කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.

එහි 450 දෙනෙකුට කරන ලද කොරෝනා පරීක්ෂණ වලින් මේ බව තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

එම මධ්‍යස්ථානයේ රැඳවියන් සහ කාර්යමණ්ඩලය මෙසේ පරීක්‍ෂණවලට ලක් කරන ලදී.

මෙම මධ්‍යස්ථානයේ සිට ගෙන ගිය රැුදවියෙකුට කොරෝනා ආසාදනය වූ බව වැලිකඩ බන්ධනාගාරයේ සිදු කරන ලද පරීක්‍ෂණවලින් හෙලිවීමෙන් පසු මෙම පරීක්‍ෂණ සිදු කර ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like