News

වන සංරක්ෂණයේ ඉඩම් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පැවරීමේ තීරණය විවෘත සංවාදයට – ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන

වන සංරක්ෂණයේ ඉඩම් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පැවරීමේ තීරණය විවෘත සංවාදයට – ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින ළඳු කැළෑ ඉඩම් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පවරා දීමේ යෝජනාව දැන්ම ක්‍රියාත්මක නොකොට ජනතාව අතර විවෘත සංවාදයට භාජනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. දිසාපතිවරුන්ගෙන් බලපත්‍ර ලබාගෙන ගම්බද ගොවීන් විශාල පිරිසක් තම ජීවනෝපාය උදෙසා හේන් ගොවිතැන් කළ ඉඩම් පසුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා දීම නිසා අර්බුදයක් හටගෙන ඇත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පාරම්පරිකව ජීවත් වන ගොවීන්ගේ නිවෙස් වටකොට මායිම් සළකුණු කිරීම හා ඉඩම්වල හේන් ගොවිතැන් කිරීම තහනම් කිරීම හේතුවෙන් තමන් පත්වී ඇති දුෂ්කරතාව ජනාධිපතිතුමාට දැනගැනීමට ලැබීමෙන් පසු එම ඉඩම් යළි දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීම සහා කැබිනට් පත්‍රිකාවක්…
Read More
අපනයන අදායම ඉහළ යයි – අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීමට ගන්නා ලද ක්‍රියාමාර්ග සාධනීයයි

අපනයන අදායම ඉහළ යයි – අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීමට ගන්නා ලද ක්‍රියාමාර්ග සාධනීයයි

විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වාදීමෙන් දශක ගණනාවකට පසු ප්‍රථම වතාවට මෙරට ආනයන වියදමට වඩා අපනයන අදායම වැඩි වී ඇති බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේය. ඒ මහතා මේ බව කියා සිටියේ අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ය.ඒ අනුව, පෙර වර්වල තත්ත්වයට ම පත්ව ඇති අතර මෙම වසරේ ජුනි මාසය වන විට මෙරට අපනයන අදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,020 ක් වී ඇත. එහෙත් විශේෂත්වය වන්නේ ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 961 දක්වා පහත ගොස් තිබීමයි. ඊට හේතුව වී ඇත්තේ ඉතාම කෙටි කාලයක් තුළ දී COVID -19 වසංගතය හේතුවෙන්…
Read More
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 56කට කොවිඩ්

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 56කට කොවිඩ්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනුරුත්ථාපනය කරන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටි 56 දෙනෙකු කොරෝනා වයිරසය ආසාදනය වී ඇත. එහි 450 දෙනෙකුට කරන ලද කොරෝනා පරීක්ෂණ වලින් මේ බව තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි. එම මධ්‍යස්ථානයේ රැඳවියන් සහ කාර්යමණ්ඩලය මෙසේ පරීක්‍ෂණවලට ලක් කරන ලදී. මෙම මධ්‍යස්ථානයේ සිට ගෙන ගිය රැුදවියෙකුට කොරෝනා ආසාදනය වූ බව වැලිකඩ බන්ධනාගාරයේ සිදු කරන ලද පරීක්‍ෂණවලින් හෙලිවීමෙන් පසු මෙම පරීක්‍ෂණ සිදු කර ඇත.
Read More
නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට බලය දෙන්නැයි බැසිල්ගෙන් ඉල්ලීමක්

නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට බලය දෙන්නැයි බැසිල්ගෙන් ඉල්ලීමක්

රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා පැහැදිලි බලයක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලීම් කරයි. අද පෙරවරුවේ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම ඉල්ලීම සිදු කළේ ය. මේ අතර ජූනි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 950ක අපනයන ප්‍රමාණයක් සිදු කර ඇති අතර ඇමරිකානු ඩොලර් මිලියන 250ක් වූ අප්‍රේල් මාසයේ අපනයන ප්‍රමාණය හා සැසඳීමේදී එය රට ලැබූ විශාල ජයග්‍රහණයක් බව ත් වැඩිදුරටත් සඳහන් කළේ ය. එහිදී බැසිල් රාජපක්ෂ මහතා විදේශයන් සමග අත්සන් කර ඇති ගිවිසුම් සම්බන්ධයෙන් ද අදහස් පළ කළේ ය.
Read More
දිනකට උළු 17500 ක් නිපදවිය හැකි මහියංගණය උළු කර්මාන්ත ශාලාවට නැවත පණ දෙයි

දිනකට උළු 17500 ක් නිපදවිය හැකි මහියංගණය උළු කර්මාන්ත ශාලාවට නැවත පණ දෙයි

මීට වසර දෙකහමාරකට පෙර වසා දැමුණු ලංකා පිඟන් සංස්ථාවට අයත් මහියංගණ උඵ කර්මාන්ත ශාලාව විෂය භාර අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් මත නිෂ්පාදන කටයුතු සඳහා විවෘත කිරීමට හැකි වූ බව එම සංස්ථාවේ සභාපති, ජූඩ් ප්‍රනාන්දු මහතා පවසයි. කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු පසුගිය 02 වැනිදා ඇරඹී ඇති අතර ඊයේ (04) උදෑසන එම වැඩ කටයුතු ඇරඹුණු කර්මාන්ත ශාලා පරිශ්‍රය කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක්විය. දිනකට උඵ 17,500ක් නිපදවීමේ ධාරිතාවකින් යුත් යන්ත්‍රසූත්‍ර මෙම කර්මාන්ත ශාලාව සතුව තිබුණු බවත් එවකට 250කට අධික සේවක පිරිසක් සේවය කළ බවත් පෙන්වා දුන් සභාපතිවරයා, “මහියංගණ උඵ” ශ්‍රී ලංකාවේ හොඳම උළු ලෙස එකල විරුදාවලිය…
Read More
සරම්ප සහා රුබෙල්ලා රෝගය තුරන් කළ අග්නිදිග ආසියාවේ පළමු රට ලෙස ශ්‍රී ලංකාව නම් කරයි

සරම්ප සහා රුබෙල්ලා රෝගය තුරන් කළ අග්නිදිග ආසියාවේ පළමු රට ලෙස ශ්‍රී ලංකාව නම් කරයි

සරම්ප සහා රුබෙල්ලා රෝගය ලෝකයෙන් තුරන් කිරීමේ ක්‍රියාදාමය සාර්ථක ලෙස නිම කළ අග්නිදිග ආසියාවේ පළමු රටවල් ලෙස ශ්‍රී ලංකාව සහ මාලදිවයින ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් නම් කර ඇත.
Read More
පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක්

පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක්

පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇත. මෙම මෙහෙයුම් මැදිරිය පැමිණිලි කිරීමට ජනතාවට අවස්ථාය සලසා ඇත.
Read More
වැලිකඩ 310කට PCR පරීක්ෂණ- රැදවියන් බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනයට- PCR පරීක්ෂණ අඛණ්ඩව

වැලිකඩ 310කට PCR පරීක්ෂණ- රැදවියන් බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනයට- PCR පරීක්ෂණ අඛණ්ඩව

වැලිකඩ බන්ධනාගාරය තුළින් කොවිඩ් ආසාදිතයෙකු හමුවීමත් සමග ඔහු සිටි වාට්ටුවේ 174 දෙනෙකු, ඔහුට සහාය දැක්වූ ඔහු ඇසුරු කළ අය සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 310 දෙනෙකු ඊයේ (07) දින PCR පරීක්ෂණ සදහා යොමු කළ අතර ඉන් 210 දෙනෙකුගේ වාර්තා  අනුව ඔවුන් කොවිඩ් ආසාදිතයින් නොවන බව තහවුරු වී ඇතැයි යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සදහන් කළේ අද (08) උදෑසන මෙම තත්ත්වය සම්බන්ධයෙන් විද්‍යුත් මාධ්‍ය වෙත අඳහස් දක්වමිනි යුද හමුදාපතිවරයා පවසන පරිදි කෝවිඩ් ආසාදිත රැදවියා වැලිකඩ බන්ධනාගාරයේ හුදෙකලා කරන ලද වාට්ටුවකින් සොයාගෙන ඇත. කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට ඔහුත් සමග 40ක පමණ පිරිසක් රැගෙන විත් ඇති අතර…
Read More
අමරපුර මහා නිකායේ ආදිකර්තෘන්වහන්සේ සැමරුම ජනපති සහභාගිත්වයෙන්

අමරපුර මහා නිකායේ ආදිකර්තෘන්වහන්සේ සැමරුම ජනපති සහභාගිත්වයෙන්

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ආදිකර්තෘන් වහන්සේ ස්මරණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් (08) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. පූජ්‍ය වැලිතර, මහකරාවේ ඥානවිමලතිස්ස හිමියන් කළ සුවිශාල කැපකිරීමකින් පසු 1803 වර්ෂයේ දී අමරපුර මහා නිකාය ස්ථාපනය කෙරිණ. අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය, අතිපූජ්‍ය දවුල්දෙණ ඥාණීස්වර වැනි මහා නා හිමිවරු අමරපුර මහා නිකායට නායකත්වය දුන් අතර, පූජ්‍ය පොල්වත්තේ බුද්ධදත්ත වාදීභසිංහ, පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද වැනි සම්බුද්ධ ශාසනය උද්දීපනය කළ මහා යථිවරයාණන් වහන්සේ අමරපුර මහා නිකායෙන් බිහි වූහ. වසර 218ක් පුරා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කළ සියලුම ආදිකර්තෘන් වහන්සේ සිහි කරමින් අමරපුර දිනය සමරනු ලැබීය. අමරපුර…
Read More