අපනයන අදායම ඉහළ යයි – අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීමට ගන්නා ලද ක්‍රියාමාර්ග සාධනීයයි
විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වාදීමෙන් දශක ගණනාවකට පසු ප්‍රථම වතාවට මෙරට ආනයන වියදමට වඩා අපනයන අදායම වැඩි වී ඇති බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේය. ඒ මහතා මේ බව කියා සිටියේ අද (09) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ය.ඒ අනුව, පෙර වර්වල තත්ත්වයට ම පත්ව ඇති අතර මෙම වසරේ ජුනි මාසය වන විට මෙරට අපනයන අදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,020 ක් වී ඇත. එහෙත් විශේෂත්වය වන්නේ ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 961 දක්වා පහත ගොස් තිබීමයි. ඊට හේතුව වී ඇත්තේ ඉතාම කෙටි කාලයක් තුළ දී COVID -19 වසංගතය හේතුවෙන්…