Logo
2019 නොවැම්බර් මස 14 වැනි බ්‍රහස්පතින්දා

මහා සංඝරත්නයට MCC ගිවිසුම වැනි කාරණා මඟහැරිය නොහැකියි-අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමි



රටේ ආරක්ෂාව සහ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන මහා සංඝරත්නයට  MCC ගිවිසුම වැනි කාරණා මඟහැරිය නොහැකි බව ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහ නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන් පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත 'ඇමරිකන් ආක්‍රමණය' නැමති කෘතිය අද පිළිගැන්වූ අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත 'ඇමරිකන් ආක්‍රමණය' නැමති කෘතිය ඊයේ පස්වරුවේ එළිදැක්වුණි.

මේ අතර MCC ගිවිසුම සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඇතුළු තවත් පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළේය.

එහිදී අදහස් දක්වමින් ශ්‍රී  ලංකා අමරපුර නිකායේ මහ නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නා හිමි  මේ බව පවැසීය.

“අපේ බලාපොරොත්තුව රටේ ආරක්ෂාව. මේ අවස්ථාවේ අපිට මඟහරින්න බැහැ “

එමෙන්ම මේ පිළිබඳ අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා මේ බව පවැසීය.

“සජිත් ඒකට අතඉස්සුවා. උපවාස කළ හිමිට ලිපියක් දීලා. 16 ට කලින් අස්සන් කරන්නේ නැහැ කියනවා. කොහොමත් අස්සන් කරන්න බැහැනේ. අනුර දිසානායක කියන දේ“







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'