Logo
2019 නොවැම්බර් මස 14 වැනි බ්‍රහස්පතින්දා

කාවිංගට මංගල සීනු



හිටපු අමාත්‍ය දිවංගත ජයලත් ජවර්ධන මහතගේ පුත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පසුගිය 18වනදා සිය විවාහ දිවියට එළබුණේය.

ඔහු විවාහ වුයේ හිටපු අමාත්‍ය දිවංගත වින්සෙට් පෙරේරා මහතාගේ මිණිබිරිය වන නටාෂ්‍යා ප්‍රනාන්දු මෙනවිය සමඟයි.

මෙම මංගලයේ දේව මෙහෙය පැවැත්වුණේ සෙන් මේරි දෙවස්තානයේ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපානන්ගේ ප්‍රධානත්වයේනි.

මෙම මංගල්‍ය උත්සවය පැවැත්වුණේ කොළඹ හිල්ටන් හොටලයේය.

මෙම මංගල උත්සවයට පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු පැමිණ තිබු අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද පැමිණ සිටියේය.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'