Logo
2019 නොවැම්බර් මස 19 වැනි අඟහරුවාදා

බ්‍රෙක්සිට් වැඩපිළිවෙල හමුවේ චොකලට් අභියෝගයක්



බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සඳහා වන බ්‍රෙක්සිට් වැඩපිළිවෙල හමුවේ බෙල්ජියමේ චොකලට් කර්මාන්තය අර්බුදයකට මුහුණ පා තිබේ.

යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් පසු බ්‍රිතාන්‍යය සහ යුරෝපා හවුල අතර වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීමට දීර්ඝ කාලයක් ගතවනු ඇති බවට මත පළවීම ඊට හේතුවයි.

චොකලට් කර්මාන්තය බෙල්ජියමේ විශාලතම ව්‍යාපාර අතරින් එකක්.

චොකලට් ටොන් හත්ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ඔවුන් වාර්ෂිකව අපනයනය කරනු ලබයි.

විදෙස් වාර්තා පවසන්නේ බෙල්ජියමේ චොකලට් නිෂ්පාදනවලට බ්‍රිතාන්‍ය වෙළඳපල තුළ විශාල ඉල්ලුමක් පවතින බවයි.

කෙසේ වෙතත් බ්‍රෙක්සිට් වැඩපිළිවෙල හමුවේ වෙළඳාම සම්බන්ධයෙන් මතුව ඇති අවිනිශ්චිතතාව බෙල්ජියමේ චොකලට් නිෂ්පාදකයින්ට විශාල අභියෝගයක් වී ඇති බව සඳහන් වෙයි.

එම අභියෝගයට සාර්ථකව මුහුණ දීමේ අරමුණින්  බ්‍රිතාන්‍යය තුළ සිය චොකලට් සංචිත ඉහළ නැංවීමට බෙල්ජියමේ චොකලට් නිෂ්පාදන සමාගම් මේ වනවිට  පියවර ගෙන තිබේ.

අර්බුදකාරී වාතාවරණයක් මධ්‍යයේ වුවත් පාරිභෝගික ඉල්ලුමට සාපේක්ෂව සැපයුම ලබාදීම ඔවුන්ගේ අරමුණයි.

මේ අතර බෙජියමේ ෆෙවියා ආහාර හා බීම කර්මාන්ත සම්මේලනයේ සංඛ්‍යා ලේඛන වාර්තාවල දැක්වෙන ආකාරයට ඉකුත් වසර හතර තුළ බෙල්ජියම බ්‍රිතාන්‍යයට කළ අපනයන සියයට අටකින් ඉහළ ගොස් තිබේ.

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'